අසැල්වැසි රටවලට යළි පහර දෙන්නේ නැහැ – ඉරාන ජනපති ගල්ෆ් රටවලින් සමාව ඉල්ලයි

ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියාන් ගල්ෆ් රටවලින් සමාව අයැද සිටි බව බීබීසී වාර්තාවක දැක්වේ.

ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ජනපතිවරාගේ ප්‍රකාශය දැක්වෙන වීඩියෝ පණිවිඩයක් විකාශය කර ඇති අතර එහිදී ජනපතිවරයා “ප්‍රහාරයට ලක් වූ අසල්වැසි රටවලින් සමාව අයැදීම අවශ්‍ය යැයි කියා මම සිතනවා,”යැයි පවසයි.

“අපි අසල්වැසි රටවල් ආක්‍රමණය කිරීමට අදහස් කරන්නේ නැහැ. සාමය ස්ථාපනය කිරීම සඳහා කලාපීය රටවලට සහය වන ලෙස ඉල්ලා සිටිනවා. මෙතැන් සිට, පළමුව ප්‍රහාර එල්ල කිරීමක් සිදුවුවහොත් ඇරෙන්න, අසල්වැසි රටවලට ප්‍රහාර එල්ල නොකරන ලෙස සන්නද්ධ හමුදාවන්ට නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඉරානයට පහර දීමට මේ මොහොතේ වාසි ලබා ගැනීමට සිතා සිටින අය අධිරාජ්‍යවාදයේ රූකඩ බවට පත් නොවිය යුතුයිත ඊශ්‍රායලයට හෝ එක්සත් ජනපදයට සහය දීම ගෞරවය සහ නිදහස සඳහා මාවතක් නොවෙයි” ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියාන් වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

bbc ඇසුරිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website