අසත්‍ය ප්‍රචාරය ගැන, මහ නායක හිමිපාණන්ගේ නිවේදනය

‘ශිරන්තිව අත්අඩංගුවට ගන්න එපා කියලා අනුරට කියන්නකෝ’
යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මල්වතු මහනායක හිමිපාණන්ගෙන් ඉල්ලා සිටිය බව සමාජ මාධ්යවල සඳහන් වෙන සාවද්ය පුවත ගැන, මල්වතු මහා විහාරයේ උපලේඛකාධිකාරී මහවෙල රතනපාල හිමියන්, මහානායක හිමිපාණන්ගේ අනුදැනුම පරිදි නිවේදනයක් නිකුත් කර ඇත.
එහි සඳහන් වන්නේ, සමාජ මාධ්ය ඔස්සේ පළවන පුවතෙහි කිසිඳුම ආකාරයේ සත්යයක් නැති බවත් එවැනි ඉල්ලීමක් කිරීම වෙනුවෙන් කිසිදු හමුවක් හෝ දුරකථන සංවාදයක් සිදුව නොමැති බවත් එවැනි අසත්ය පුවත් නිර්මාණය කරන්නන් හා කණ්ඩායම් සම්බන්ධයෙන් ඉදිරියේ දී නීතිමය ක්රියා මාර්ග ගන්නා බවත් එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන්ව ඇත.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website