අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය ප්‍රවේශය සීමා කිරීමේ යෝජනාවේ ප්‍රගතිය කුමක් ද ?

වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය ප්‍රවේශය සීමා කිරීමේ යෝජනාව පිළිබඳව බහු පාර්ශ්වකරුවන් සම තම අදහස් බෙදා ගත් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නීති බලාත්මක කිරීමේ ඒකකයේ අධ්‍යක්ෂ නීතිඥ සජීවනී අබේකෝන් පැවසුවාය.

නීතිඥ සජීවනී අබේකෝන් පැවසුවේ, මේ පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා පත් කරන ලද විශේෂ කාර්ය සාධක බලකාය පසුගිය දා අග්‍රාමාත්‍යවරියගේ නායකත්වයෙන් රැස්වූ බවයි. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ඇතුළු ආයතන කිහිපයක් මෙම සාකච්ඡාවලට සහභාගී වූ බව ඇය සඳහන් කළාය.

ඕස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය සහ ප්‍රංශය ඇතුළු බොහෝ රටවල් දැනටමත් වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය ප්‍රවේශය සීමා කර ඇති බව ද ඇය පැහැදිලි කළාය.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිලි මත පදනම්ව, ශ්‍රී ලංකාවට සමාන පියවර සුදුසු විය හැකි බව ද ඇය මෙහි දී පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website