අයිස් විෂ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

කරන්දෙණිය පොලිස් වසමේ 3 කණුව ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 08 ග්‍රෑම් 850ක් සන්තකයේ තබා ගෙන සිටි 39 හැවිරිදි සැකකරුවෙක් ඊයේ (21) අත්අඩංගුවට ගෙන ඇත.

ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්ත කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් එදින උදෑසන සැකකරු රැදී සිටි අදාළ නිවස වටලා සැඟවී සිට ඇති අතර සැකකරු නිවසින් පිටත සිට නිවස තුළ ය යම් බෑගයක් රැගෙන යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේ දී එහි තිබී  මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබේ.

සැකකරු මේ වනවිට කරන්දෙණිය පොලිස් ස්ථානය භාරයේ පසුවේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website