අයහපත් කාලගුණයක් පරිස්සමෙන්..!

කොළඹ සිට පොතුවිල් දක්වා, ගාල්ල සහ හම්බන්තොට හරහා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද(11) සවස් කාලයේ හෝ රාත්රී කාලයේ අවට අනෙකුත් මුහුදු ප්රදේශවල ද වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සිය නිවේදනය හරහා අවදාරණය කරයි.

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල නිරිත දෙසින් හමන සුළඟේ වේගය පැයට කිලෝමීටර 25-35 දක්වා පවතින බවත් එම සුළං ප්රවාහ පැයට කිලෝමීටර 45 දක්වා තද සුළං බවට පත්විය හැකි බවත්, එම දෙපාර්තමේන්තුව ප්රකාශ කරයි. එම නිසා මෙම මුහුදු ප්රදේශ රළු විය හැකි බවත් කල්පනාවෙන් ධීවර කටයුතුවල නිරත විය යුතු බවත් ප්රකාශ වෙයි.

මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website