අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණයට පත් කළ නිලධාරි කමිටුවක් ජනපති හමු වෙයි

රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳව 2025.03.17 දින අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද තීරණය ක්‍රියාත්මක කිරීම අධික්ෂණයට අග්‍රාමාත්‍ය ලේකම්ගේ සභාපතිත්වයෙන් පත් කළ නිලධාරි කමිටුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.

රජයට අයත් වාණිජමය නොවන ආයතන  තත්කාලීන අවශ්‍යතාවලට ගැළපෙන අයුරින් යාවත්කාලීන නොවීම, පැවරී ඇති බලතල ප්‍රමාණවත් නොවීම හෝ නොගැළපීම,  එම ආයතන වෙත පැවරී ඇති කාර්යය පෞද්ගලික අංශය විසින් වඩාත් කාර්යක්ෂම අයුරින් ඉටු කරනු ලැබීම සහ එකම හෝ සමාන හෝ කාර්යයන් ඉටු කරන ආයතන කිහිපයක් පැවතීම ආදී කරුණු සලකා බලා අමාත්‍ය මණ්ඩලය, රජයට අයත් වාණිජමය නොවන ආයතන 124ක් සම්බන්ධයෙන් කාණ්ඩ 09ක් යටතේ ගත යුතු ඉදිරි ක්‍රියා මාර්ග පිළිබඳ තීරණ ලබා දී ඇත.

එම තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය කාර්තුමය වශයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තා කිරීමේ වගකීමද උක්ත නිලධාරි කමිටුව වෙත පවරා ඇත.  එම කමිටුවෙහි අධීක්ෂණය අනුව අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීමේ වර්තමාන  තත්ත්වය, ඇතැම් ආයතනවලට අදාළ තීරණ ක්‍රියාත්මක කිරීමේදී පැන නැගී ඇති ගැටලු සහ එම ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා මෙම කමිටුව ජනාධිපතිවරයා විසින් කැඳවන ලදී. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website