අමාත්‍යාංශ ලේකම්වරුන් හතර දෙනෙකුගේ පත්වීම් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබේ. ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ සභාපතිත්වයෙන් යුත් කාරක සභාව පසුගියදා (මාර්තු 20) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) එච්.එස්.එස්. තුයියකොන්තා, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ලෙස එල්. මොහොමඩ් නවාවි, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩබ්ලිව්.එම්.ඩී.ටී. වික්‍රමසිංහ සහ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල යන මහත්ම මහත්මීන්ගේ පත්වීම් කාරක සභාව විසින් අනුමත කර තිබේ.














