ඉන්ධන ලීටර් 32,000 ක් රැගත් නෞකාවක් අප්‍රේල් 2 වැනි දා දිවයිනට පැමිණීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා පැවසුවේය.
ඔහු ප්‍රකාශ කළේ නෞකාව ඩීසල් ලීටර් 32,00 ක් සහ ජෙට් ඒ-1 ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 8,000ක් රැගෙන එන බවයි.
හෙට දින ඉන්ධන නිකුත් කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් අද (31) දින තීරණයක් ගන්නා බව ද ඔහු සඳහන් කළේය. අද සහ හෙට යන දෙකම ඔත්තේ අංකිත දිනයන් වීම නිසා යම් ගැටලුකාරී තත්ත්වයක් වර්ධනය වී ඇති බව ද නෙත්තිකුමාර මහතා පැවසුවේය.
“මේ සම්බන්ධයෙන් අද සාකච්ඡාවක් පැවැත්වෙනවා. එහි දී අවසන් තීරණයක් ගන්නවා ”ඔහු සඳහන් කළේය.











