අනියම් සැමියාගේ පහරදීමකින් 24 හැවිරිදි කාන්තාවක් මරුට

ආරවුලක් දුරදිග යාම හේතුවෙන් අනියම් පුරුෂයා විසින් සිදුකළ පහරදීමකින් 24 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ. ඊයේ (27) දහවල් කාලයේදී මෙම සිදුවීම වාර්තා වී තිබුණේ, අඟුලාන, සයුරපුර මහල් නිවාස සංකීර්ණයේදීය. එලෙස මියගොස් ඇත්තේ, කුඩාවස්කඩුව, වාද්දූව ප්‍රදේශයේ පදිංචිව කාන්තාවකි.

මරණකාරිය හා අනියම් පුරුෂයා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට දැනට සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී, අනාවරණය වී ඇති බව අඟුලාන පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website