අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් විදේශිකයන් 18 දෙනෙකු මීගමුවේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරුවන් අතර චීන ජාතිකයන් 16 දෙනෙකු සහ කාම්බෝජ ජාතිකයන් දෙදෙනෙකු සිටින බව ද පොලිසිය පැවසුවේය.
පොලිසිට ලැබුණු තොරතුරක් මත මීගමුව ප්‍රදේශයේ ලැගුම්හලක සිදු කළ වැටලීමකදී සැකකරුවන් සමඟ පරිගණක උපකරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් 6 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.














