නීතියට අනුව බැරල්, කෑන් හෝ බෝතල් සඳහා ඉන්ධන නිකුත් කළහොත් ඉන්ධන පිරවුම්හල්වලට එරෙහිව ද නීතිමය පියවර ගන්නා බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
රට තුළ මාසයකට වැඩි කාලයක් ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව පැවසූ අමාත්‍යවරයා, ඉන්ධන ගබඩා කිරීමෙන් අනවශ්‍ය හිඟයක් ඇති නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
තත්වය පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන ආයතන දැනුවත් කර ඇති අතර වැටලීම් සිදු කරන බව ද බලශක්ති අමාත්‍යවරයා පැවසුවේය.












