අද රට පාලනය කරන්නේ කැළණිය විශ්වවිද්‍යාලෙන් – හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර

අපි මේක මුල සිටිම කිව්වා. නීතියේ ආධිපත්‍ය රැකෙන්න නම් ඒවා ක්‍රියාත්මක කරන ආයතන මුල සිටම ස්වාධීන විය යුතුයි. නමුත් මේ සියලුම ආයතන ජවිපෙ කාඩාර්වරුන්ගෙන් සහ මාළිමාවේ වේදිකාවට නැග්ග සංවිධානවල සාමාජිකයින්ගෙන් පුරවලා තියෙන්නේ. මේවා දේශපාලනීකරණය වෙලා ඉවරයි. රංවල සිද්ධිය සහ රත්නපුරේ සිද්ධිය ආණ්ඩුවේ නීතියේ විධානය ගැන පුරාජේරු කතාවල රෙදි ගැලව්වා.

  • දිට්වා සුළි කුණාටුවත් සම ලංකාවේ දේශපාලන කරළියේ කැපී පෙනෙන වෙනස්කම් ගණනාවක් හා ප්‍රවණතා රැසක් සිදු වුණා. ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලන ප්‍රමුඛතා සහ න්‍යාය පත්‍ර වෙනස් වුණ බවක් ද අපට නිරීක්ෂණය කළ හැකියි. මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද ?

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අපි රටක් ලෙස මෑත කාලයේ මුහුණ දුන් විශාලම අර්බුදය හමුවට පැමිණ සිටිනවා. ලෝක බැංකුව ගණනය කර තිබෙන ආකාරයට මෙහි ඍජු භෞතික හානිය පමණක් ඩොලර් බිලියන හතරකට අධිකයි. ඒ අනුව මෙහි සමස්ත හානිය තවත් බොහෝ ඉහළ බව අපට සිතා ගන්න පුළුවන්. මේ ආපදාව හමුවේ විපක්ෂය ලෙස අපි අපට දෙන්න පුළුවන් උපරිම සහයෝගය සහ ශක්තිය ආණ්ඩුවට ලබා දීලා තිබෙනවා. නමුත් ආණ්ඩුව අපට චෝදනා කරනවා ‘විනාශකාරී විපක්ෂය’ කියලා. නමුත් අපට මතකයි මීට පෙර මෙවැනි ස්වභාවික ව්‍යවසනයක් සිදු වූ සෑම අවස්ථාවක දීම ජනතා විමුක්ති පෙරමුණ හැසිරුණේ විනාශකාරී විපක්ෂයක් හැටියටයි. අපි ඔවුන් එදා කටයුතු කළ ආකාරයෙන් කටයුතු කළේ නැහැ. ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණ තමයි ඔවුන්ගේ 60 වසරක ඉතිහාසය පුරාම රට මුහුණ දුන් සෑම අසීරු අවස්ථාවක දීම ඒක දඩමීමා කරගෙන දේශපාලනය කළේ. අපි එවැනි අවස්ථාවාදී තැනකට ගමන් කළේ නැහැ. අපි ආණ්ඩුවට අවශ්‍ය සියලුම සහයෝගය ලබා දුන්නා. ඒ වගේම මේ ව්‍යසනය වළක්වා ගැනීමට සහ එහි හානිය අවම කර ගැනීමට ආණ්ඩුව අසමත් වීම ගැන චෝදනා කරමින් අපි ජනතාව කුපිත කරන්න ගියේ නැහැ. විපතට පත් ජනතාවට අවශ්‍ය සහන ලබාදීමට තමයි අපි ප්‍රමුඛත්වය දුන්නේ.

  • ඔබ කියන්නේ ආණ්ඩුව මේ ව්‍යසනය තුළ දේශපාලනය කළා කියන එකද ?

ඔව්, ඉතාම පැහැදිලිව ආණ්ඩුව මේ ව්‍යසනය තුළ දේශපාලනය කළා. ඔබ දකින්න ඇති ආණ්ඩුවේ මැති ඇමතිවරු, මන්ත්‍රීවරු, ප්‍රාදේශීය නායකයින් ඇතුළු සියලුම දෙනාම තරඟයට වාගේ රතු තරුව ගහගෙන වැඩ කරන ආකාරය. විපතට පත් ජනතාවට ආධාර ලබාදීමේ සිට අවසානයේ ප්‍රතිසංස්කරණ කටයුතු කිරීම පමණක් නොවෙයි මරණ සහතික ලබා දීම දක්වා සෑම අවස්ථාවක්ම ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය ප්‍රවර්ධනය කිරීමට භාවිතා කළා. ඒ ගැන කිසිම හිරිකිතක් හෝ ලැජ්ඡාවක් මේ ආණ්ඩුවට තිබුණේ නැහැ.

  • ආණ්ඩුව, විශේෂයෙන් විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මේ ව්‍යසනයේ හානිය අවම කර ගැනීමට කටයුතු නොකිරීමට විරුද්ධව අධිකරණයට යන බව විපක්ෂය මුල සිටම කිව්වා. මේ වන විට එවැනි සූදානමක් තිබෙනවා ද ?

මේ දක්වා එවැනි පියවරක් ආරම්භ කරලා නැහැ. නමුත් පාර්ශ්ව ගණනාවක් මේ සම්බන්ධයෙන් සිය අදහස් පළ කරලා තිබෙනවා. ඒ ගැන ඉදිරියේ දී කටයුතු සිදුවේවි.

  • මේ ව්‍යසනය හමුවේ ජනාධිපතිවරයා අවස්ථා ගණනාවක දී පාර්ලිමේන්තුවට පැමිණියා. විවිධ සහන ප්‍රකාශයට පත් කළා. ජනාධිපතිවරයා නිතර නිතර පාර්ලිමේන්තුවට පැමිණීම ගැන සමාජය තුළ මේ වන විට යම් සංවාදයක් තිබෙනවා. ඔබට මේ ගැන යම් අදහසක් තිබෙනවා ද ?

ජනාධිපතිවරයා මස තුනකට වරක් හෝ යම් කාලසීමාවක් තුළ පාර්ලිමේන්තුවට පැමිණිය යුතුයි කියලා අපේ ව්‍යවස්ථාවේ තිබෙනවා. නමුත් ඒක අනිවාර්ය කටයුත්තක් නොවෙයි. නමුත් වත්මන් ජනාධිපතිවරයා ආණ්ඩුවට යම්කිසි ප්‍රශ්නයක් ඇති වුණ විගස, ජනතාව කියන ආකාරයට නම් ආණ්ඩුව අනා ගත්ත ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුවට දුව ගෙන එනවා. ඇවිත් අර මඩ ටික හෝදන්න පාර්ලිමේන්තුවේ වෙලාව අරගෙන පැයක් දෙකක් කතා කරනවා. ලංකාවේ ඉතිහාසයේ කිසිම ජනාධිපතිවරයෙක් මේ වගේ පාර්ලිමේන්තුවේ කාලය කාලා නැහැ, පැය ගණන් කතා කරලා නැහැ. ජනාධිපතිවරයා මීට කලිනුත් පාර්ලිමේන්තුවට දුවගෙන ඇවිත් පැයයි විනාඩි 45ක් කතා කළා, ගිය සතියේ පැයයි විනාඩි 15ක් කතා කළා. මීට පෙර හිටිය කිසිම ජනාධිපතිවරයෙක් විනාඩි 15කට වැඩි කතා කරලා නැහැ.

ඒක තමයි වැදගත්ම දේ. අපි මේ විවේචනය මුල සිටිම කළා. අපි ඉතාම පැහැදිලිව ජනතාවට කිව්වා, ‘ටෙස්ට් කරන්න මිනිස්සු බලයට ගේන්න එපා, කිසිම අත්දැකීමක්, වැඩ කරලා පළපුරුද්දක් නැති කල්ලියක් මේ බලය ඉල්ලන්නේ කියලා’. ඒත් ජනතාව අපි කිව්ව දේ අහන්නේ නැතිව මේ කල්ලියට බලය දුන්නා, අවශ්‍ය ප්‍රමාණයටත් වඩා බලය දුන්නා, ජනාධිපතිවරයා කිව්වා වාගේ ‘ලොවෙත් නැති වෙන්න’ බලය දුන්නා. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ ?. මේ අවුරුදු පහම මේ ගොල්ලෝ ටෙස්ට් කර කර ඉඳියි. නමුත් රට සම්පූර්ණයෙන්ම අනාථ වෙයි. අපිට ඒක දැන් පැහැදිලිව දැක ගන්න පුළුවන්කම තියෙනවා. අනාගතයේ දී හොඳ හොඳ ප්‍රතිඵල බලා ගන්න පුළුවන් වෙයි.

  • ජනාධිපතිවරයා මේ ආකාරයෙන් කටයුතු කිරීමේ අරමුණ කුමක් කියල ද ඔබ හිතන්නේ ?

මේ කරන්නේ තමන්ගේ අතින් වුණ වැරදි, ඊළඟට ආණ්ඩුවෙන් වුණ වැරදි, අඩුපාඩු හෝදන එක තමයි ජනාධිපතිවරයාගේ කාර්යභාරය වෙලා තියෙන්නේ. ජනාධිපතිවරයාගේ කතාව ඉතාම සිත් ගන්නා සුළු එකක් කියලා තමයි සමහරු නම් කියන්නේ. දැන් නම් අපිට මේ කතා අහගෙන ඉන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. අපිත් මුලින් මුලින් මේ කතා අහගෙන හිටියා. නමුත් ජනාධිපතිවරයා මේ අවුරුද්ද පුරාම කියන්නේ එකම කතාව තමයි. එතුමට ඒක නොතේරුණාට අපට නම් දැන් මේ කතාව හරි බෝරිං වෙලා තියෙන්නේ. ඒ නිසා විපක්ෂය තව දුරටත් ජනාධිපතිවරයාගේ කතා අහගෙන ඉන්න සූදානම් නැහැ. ජනාධිපතිවරයා ඔහුගේ ඔළුගෙඩි 159ට කතා කරලා යනවා. මේ ආකාරයෙන් පාර්ලිමේන්තුවේ වටිනා කාලය කා දැමීම ජනාධිපතිවරයෙක් විසින් නොකළ යුතු දෙයක් ලෙස අපි දකිනවා. තවත් වැදගත් කාරණයක් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ඉතිහාසය පුරාම විධායක ජනාධිපති ක්‍රමයට කොන්දේසි විරහිතව විරුද්ධ වුණ පක්ෂයක්, දේශපාලන ව්‍යාපාරයක්. නමුත් ඔවුන් අද විධායක ජනාධිපති ධූරයේ බලතල ඉතාම කැත විදිහට අවභාවිත කරනවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට දුවගෙන ඇවිත් මේ අවභාවිතය තමයි කරන්නේ. මම යළිත් කියනවා, ජනාධිපතිවරයාට ඔහු කරන මේ ක්‍රියාවේ බරපතළකම හෝ නුසුදුසුකම නොතේරෙණවා වෙන්න ඇති. ඒත් මේක නොකළ යුතු දෙයක්.

  • අනුර කුමාර දිසානායක කියන්නේ දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ විපක්ෂයේ ක්‍රියාකාරීම මන්ත්‍රීවරයෙක්. විධායක ජනාධිපතිවරු ගණනාවක් දැඩිව විවේචනය කළ කෙනෙක්. එවැනි ඉතිහාසයක් ඇති වත්මන් ජනාධිපතිවරයා ඔබ කියන ආකාරයේ තැනකට පත් වුණේ ඇයි ?

ඒකට හේතු කිහිපයක් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ, අනුර කුමාර දිසානායක සහ මාළිමාව පසුගිය කාලය පුරාම කිව්ව කතා, දුන්න පොරොන්දු අද විහිළුවක් බවට පත්වෙලා තියෙනවා. මේ ආණ්ඩුවට බලයට ගේන්න මතවාදීව විශාල සහායක් දුන්න, විශේෂයෙන් ජනාධිපතිවරයා වෙනුවෙන් දැඩිව පෙනී සිටි පුද්ගලයින් අද ජනාධිපතිවරයාව දැඩිව විවේචනය කරනවා. ඒකට හොඳම උදාහරණය මාළිමාවේ න්‍යායාචාර්යවරයෙක් වාගේ කටයුතු කරන මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පසුගිය දා ලියලා තිබුණා ‘ජනාධිපතිවරයා කිච වෙලා ඉවරයි’ කියලා. ජනාධිපතිවරයාගේ සමීප මිතුරෙක්, උපදේශයෙක් ලෙස පෙනී සිටින උවිඳු කුලකුලසූරිය ඇතුළු ජනාධිපතිවරයාගේ සමීපතමයින් විශාල පිරිසක් මේ වන විට ජනාධිපතිවරයාව දැඩිව විවේචනය කරන තැනට පත්ව සිටිනවා. මේ විවේචකයින්ට අනුව, ‘අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව ජනතාවට දුන් සියලු බලාපොරොත්තු බිඳ දමා තිබෙනවා, වැඩ කරන්න මේ ආණ්ඩුව දන්නේ නැහැ, ඒකට පළපුරුද්දක් නෑ’ කියලා ඔවුන් කියනවා. එපමණක් නොවෙයි අද ඔවුන් කියනවා ‘වැඩ කරලා පුරුද්දක් නැති කණ්ඩායමක් බලයට පත් කිරීමේ විපාක දැන් ජනතාව ගෙවනවා’ කියලා.

  • ඉතිං විපක්ෂයත් පසුගිය මැතිවරණ කාලේ මේ චෝදනාවම කළා නේද ?

ඒක තමයි වැදගත්ම දේ. අපි මේ විවේචනය මුල සිටිම කළා. අපි ඉතාම පැහැදිලිව ජනතාවට කිව්වා, ‘ටෙස්ට් කරන්න මිනිස්සු බලයට ගේන්න එපා, කිසිම අත්දැකීමක්, වැඩ කරලා පළපුරුද්දක් නැති කල්ලියක් මේ බලය ඉල්ලන්නේ කියලා’. ඒත් ජනතාව අපි කිව්ව දේ අහන්නේ නැතිව මේ කල්ලියට බලය දුන්නා, අවශ්‍ය ප්‍රමාණයටත් වඩා බලය දුන්නා, ජනාධිපතිවරයා කිව්වා වාගේ ‘ලොවෙත් නැති වෙන්න’ බලය දුන්නා. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ ?. මේ අවුරුදු පහම මේ ගොල්ලෝ ටෙස්ට් කර කර ඉඳියි. නමුත් රට සම්පූර්ණයෙන්ම අනාථ වෙයි. අපිට ඒක දැන් පැහැදිලිව දැක ගන්න පුළුවන්කම තියෙනවා. අනාගතයේ දී හොඳ හොඳ ප්‍රතිඵල බලා ගන්න පුළුවන් වෙයි.

  • ඔබ මේ ආකාරයට චෝදනා කළත් පසුගිය කාලේ මාළිමාව වටා විද්වතුන්, වෘත්තිකයින්, ව්‍යාපාරිකයින් ඇතුළු ඉතාම බලවත් හා වර්ණවත් පිරිසක් එකතු වෙලා, එක මිටට හිටියා නේද ?, ඔවුන්ගෙන් මේ ආණ්ඩුවට සහාය ලැබෙන්නේ නැද්ද ?

මැතිවරණ සමයේ, බලයට එන්න පෙර මාළිමාවට, ජවිපෙට සහය දුන් විද්වතුන්, වෘත්තිකයින් ඇතුළු බලපෑම් කණ්ඩායම් මේ වන විට විශාල වශයෙන් ආණ්ඩුවෙන් දුරස් වෙමින් සිටිනවා. ඒ වෙනුවට අනුර කුමාර ඇතුළු ජවිපෙ කල්ලිය දැඩි විවේචනය කළ ගජ මිතුරුවාදය ජයටම ක්‍රියාත්මක වෙමින් තිබෙනවා, ඥාතීන්ට, පවුලේ අයට බොහෝ වාසි හා වරප්‍රසාද ලබා දෙමින් සිටිනවා. අද රජයට අයත් සෑම ආයතනයකම ඉහළ පුටුවල ඉන්නේ ජනාධිපතිවරයාගේ කැළණිය විශ්වවිද්‍යාලේ මිත්‍රයෝ. අද රටම පාලනය කරන්නේ කැළණිය විශ්වවිද්‍යාලයෙන්. කැළණිය විශ්වවිද්‍යාලේ කිව්වොත් අද රජයේ ඕනෑම ඉහළ තනතුරක් ගන්න පුළුවන්. මේ පසුබිම තුළ අනෙක් විශ්වවිද්‍යාලවලින් බිහි වුණ විද්වතුන්, වෘත්තිකයින්, කලාකරුවන්, ව්‍යාපාරිකයින් ඇතුළු සියලුම සමාජ ස්ථවරවලට අයත් පිරිස් ආණ්ඩුවෙන්, ජනාධිපතිවරයා වෙතින් ක්‍රමයෙන් ඉවත් වෙමින් සිටින ආකාරය අපි පැහැදිලිව දකිනවා.

  • ඔබ හිතන ආකාරයට ජනාධිපතිවරයාට වැරදුණේ කොතැන ද ?

අනුර කුමාර දිසානායක කියන විපක්ෂ මන්ත්‍රීවරයා, ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීනයා කළ විවේචනම තමයි අද ඔහුට මේ වාගේ අසීරු තත්ත්වයක් නිර්මාණය කරලා තියෙන්නේ. මේක සමස්ත ආණ්ඩුවට ම එක සේ අදාළයි. ඔවුන් පසුගිය 60 වසරක කාලය තුළ කළ කී සෑම දෙයක් ම අද ඔවුන් පිටුපස එළව එළවා පහර දෙන තත්ත්වයක් නිර්මාණය කරලා තිබෙනවා. වැඩි දුර යා යුතු නැහැ, ජනාධිපතිවරයා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී කළ කතාව ගන්න. ඔහු මේ කියන්නේ සජිත් ප්‍රේමදාස පසුගිය ජනාධිපතිවරණයේ දී කිව්ව දේවල් ම නේද ?. ඔහු  සහ ඔහුගේ ජවිපෙ – මාළිමාව කල්ලිය සජිත් ප්‍රේමදාස මහතා ව කොතරම් විවේචනය කළා ද ? ඔහුට සමච්චල් කළා ද ?. නමුත් දැන් ජනාධිපති අනුර කුමාර දිසානායක කියන්නේ මොකක්ද ?. පාලම හදන එක, බෝක්කුව හදන එක මිනිස්සුන්ට කරන්නලු, දානපතීන්ට කරන්නලු, අවශ්‍ය නම් ඔවුන්ගේ නම දාලා බෝඩ් එකත් ගහන්නම් කියලා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී කියනවා. අපේ විදේශ ණය ගෙවීම යළි ප්‍රතිව්‍යුහ ගත කිරීමට අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කරන්න කියලා සජිත් ප්‍රේමදාස පසුගිය දා කළ ඉල්ලීම ජනාධිපතිවරයා මොන තරම් කැත විදිහට ප්‍රතික්ෂේප කළා ද ?. ඒත් අද ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයින් මේ ඉල්ලීම ම කරනවා, ඒක ආණ්ඩුව සහ ආණ්ඩුවට හිතවත් මාධ්‍ය උඩ දානවා. පසුගිය කාලය පුරාම අනුර කුමාර දිසානායක ඇතුළු කණ්ඩායම කළ චෝදනා, කළ විවේචන අද කිසිම වෙනසකින් තොරව ඔවුන් වෙත පැමිණෙමින් තිබෙනවා. මේක තමයි ජනාධිපති අනුර කුමාර දිසානායකට, ආණ්ඩුවට වැරදුණ ප්‍රධාන තැන. දිට්ඨ ධම්මවේදනීය කරුමය මේ ආණ්ඩුවට පඩිසන් දෙමින් තිබෙනවා.

  • ආණ්ඩුව පසුගිය කාලේ කිව්වා ඉතිහාසයේ ප්‍රථම වරට මහා භාණ්ඩාගාරය පිරී ඉතිරි ගිහින් තියෙන්නේ කියලා, බොහෝ දුකසේ ඉතිරි කළ රුපියල් ට්‍රිලියනයක ඉතුරුම් තිබෙනවා කියලා. එසේ නම් ඇයි ආණ්ඩුව මේ තරම් ආධාර ඉල්ලන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගන්න යන්නේ ?

පව්, අපරාදේ, අර පරණ ජාතික අවශ්‍යතා, ජනතාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලුවා කියන එකම දේ කැලේට දාලා, අද විෂ මත් ද්‍රව්‍යවලට එරෙහි ජාතික මෙහෙයුම ආ ගිය අතක් නැහැ. දැන් ආණ්ඩුවේ න්‍යාය පත්‍රයේ ඉහළින්ම තියෙන්නේ ‘Rebuilding Sri Lanka’ මේකත් තව සතියක් දෙකක් තියෙයි. ඊට පස්සේ තවත් මොකක් හරි දේක එල්ලයෙි. මේ ආණ්ඩුවේ ස්වභාවය මේක තමයි. අවසානයේ පුස්ස බින්ඳා වාගේ ජනතාවට, රටට කිසිවක් නෑ. මේවා දේශපාලන සංදර්ශන මිසක ජනතාවගේ, රටේ සුභසිද්ධිය වෙනුවෙන් කරන දේවල් නොවන බව ජනතාව තේරුම් ගත යුතුයි.

අපිටත් මේ ගැන පුදුමයි. ආණ්ඩුව යළිත් වරක් හිඟන්නගේ පාත්තරේ අතට අරං තියෙනවා. මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරනවා, හොරු, ජාවාරම්කායෝ, බෙහෙත් මාෆියාව කියලා චෝදනා කළ සමාගම්වලින් සල්ලි ගන්නවා, මේ පාත්තරේට සල්ලි නොදාන කෙනෙක් නැහැ. හිඟන්නා පාත්තරේ ඇල්ලුම හොරත් සල්ලි දානවා, හොඳ මිනිහත් සල්ලි දානවා. ඒක තමයි අද වෙලා තියෙන්නේ. රුපියල් ට්‍රිලියනයක් මහා භාණ්ඩාගාරයේ තිබෙන ධනවත්ම ආණ්ඩුව අද මිනිස්සුන්ට, ජාවාරමක්ර සමාගම්වලට අත පානවා. මේක තමයි මේ ආණ්ඩුවේ යථා ස්වභාවය. ‘කියන කොට එහෙමයි – කරන කොට මෙහෙමයි’ කියන ලැජ්ඡා නැති ආණ්ඩුවක් මේක.

  • මාළිමාව බලයට එන්නේ ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනතාවට දීලා. ඊට පස්සේ ඒ පොරොන්දු ඉටු කිරීම වෙනුවට ආණ්ඩුව ක්ලීන් ශ්‍රී ලංකා ඉදිරියට ගත්තා, ඊට පස්සේ විෂ මත්ද්‍රව්‍යවලට එරෙහි සටනට බැස්සා. දැන් ආණ්ඩුවේ දේශපාලන හා ආර්ථික න්‍යාය පත්‍රය වෙනස් වෙලා ද ?

පව්, අපරාදේ, අර පරණ ජාතික අවශ්‍යතා, ජනතාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලුවා කියන එකම දේ කැලේට දාලා, අද විෂ මත් ද්‍රව්‍යවලට එරෙහි ජාතික මෙහෙයුම ආ ගිය අතක් නැහැ. දැන් ආණ්ඩුවේ න්‍යාය පත්‍රයේ ඉහළින්ම තියෙන්නේ ‘Rebuilding Sri Lanka’ මේකත් තව සතියක් දෙකක් තියෙයි. ඊට පස්සේ තවත් මොකක් හරි දේක එල්ලයෙි. මේ ආණ්ඩුවේ ස්වභාවය මේක තමයි. අවසානයේ පුස්ස බින්ඳා වාගේ ජනතාවට, රටට කිසිවක් නෑ. මේවා දේශපාලන සංදර්ශන මිසක ජනතාවගේ, රටේ සුභසිද්ධිය වෙනුවෙන් කරන දේවල් නොවන බව ජනතාව තේරුම් ගත යුතුයි.

  • අනුරට රට හදන්න වුවමනාව තිබුණත් ඔහුට හො කණ්ඩායමක් නෑ කියලා බොහෝ දෙනෙක් කියනවා නේද ?. ඔබ මේ ගැන හිතන්නේ කුමක් ද ?

එහි යම් සත්‍යතාවක් තියෙනවා. ඔහුට පාර්ලිමේන්තුවේ පැය ගණන් කතා කරන්න, දිස්ත්‍රික්කයක් දිස්ත්‍රික්කයක් ගානේ යන්න වෙලා තියෙන්නේ නිවැරදි සහ සුදුසුම කණ්ඩායම නැති නිසා කියලා මටත් පේනවා. අද මුළු මැච් එකම කරට අරං ගන්න වෙලා තියෙන්නේ ජනාධිපතිවරයාට. මේක ආණ්ඩුවට වගේම රටට කිසිසේත් යහපත් තත්ත්වයක් නෙමෙයි.

  • හිටපු කතානායක අසෝක රංවල සිද්ධිය වගේම රත්නපුරේ සිද්ධියත් ගත් විට වත්මන් ආණ්ඩුවේ නීතියේ ආධිපත්‍ය බරපතළ ලෙස අභියෝගයට ලක් වූ බව ඇතැමුන් කියනවා. ඔබට මේ ගැන අදහසක් තිබෙනවා ද ?

අපි මේක මුල සිටිම කිව්වා. නීතියේ ආධිපත්‍ය රැකෙන්න නම් ඒවා ක්‍රියාත්මක කරන ආයතන මුල සිටම ස්වාධීන විය යුතුයි. නමුත් මේ සියලුම ආයතන ජවිපෙ කාඩාර්වරුන්ගෙන් සහ මාළිමාවේ වේදිකාවට නැග්ග සංවිධානවල සාමාජිකයින්ගෙන් පුරවලා තියෙන්නේ. මේවා දේශපාලනීකරණය වෙලා ඉවරයි. රංවල සිද්ධිය සහ රත්නපුරේ සිද්ධිය ආණ්ඩුවේ නීතියේ විධානය ගැන පුරාජේරු කතාවල රෙදි ගැලව්වා.

  • ඉන්දීය ඖෂධ සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් නිර්මාණය වෙලා තිබෙනවා නේද ?

මේක නිර්මාණය වුණේ ආණ්ඩුව ඉන්දියාව එක්ක අත්සන් කළ හොර ගිවිසුම් නිසා බව පැහැදිලියි. මම මේ ගැන ඉතාම පැහැදිලිව පාර්ලිමේන්තුවේදී හෙළි කළා. පසුගිය ආණ්ඩුව කාලේ බාල බෙහෙත් ජාවාරම් කළා කියලා සෞඛ්‍ය ඇමැති කෙහෙළියට චෝදනා කළා, නඩු දාලා හිරේ දැම්ම නම් අද සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මේකට වගකිව යුතු නැද්ද ?. නිලධාරීන් අද කොහොමද නලින්ද ජයතිස්සව හෝදන්නේ ?, අල්ලස් කොමිෂමේ ප්‍රධානියා මේ ගැන කියන්නේ මොනවද ?. එක වගේ සිදුවීමකට ආණ්ඩු දෙකක දී නීති දෙකක් තියෙන්නේ කොහොම ද ?. මේ සිදුවීම ගැන ඇත්ත රටට හෙළි කිරීම ආණ්ඩුවේ වගකීමක්. අපේ මිනිස්සු ගිනි පිෆ්ලා, පරේක්ෂණාගාර මීයන් නොමෙයි.

  • අගමැතිනිය කිව්වා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා, පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වනවා කියලා. මේ ගැන අදහස කුමක් ද ?

මේවා සිද්ධ නොවන දේවල්. පළාත් සභා ඡන්දය තවත් කාලයකට කල් යන සැලසුමක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ.

  • අවසාන වශයෙන් ඔබේ දේශපාලන අනාගතය ගැන යමක් කියන්න පුළුවන් ද ?

මම නඩුවක් පවරා තිබෙනවා. ඒ නඩුවේ තීන්දුව ලබාදීම ලබන පෙබරවාරී දක්වා කල් ගියා. මම හිතනවා පෙබරවාරී මාසේ තීන්දුවත් එක්ක මේ සියල්ලටම විසඳුමක් ලැබෙයි කියලා. ඒ ගැන සුබවාදී බලාපොරොත්තුවක් මට තියෙනවා.

සටහන – භාතිය බරුකන්ද

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website