අතිරේක සොලිසිටර් ජෙනරාල්වරු වශයෙන් උසස්කම් ලද සිව්දෙනෙකු ජනාධිපති නීතිඥවරුන් වශයෙන් දිවුරුම් දෙයි

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරු වශයෙන් මෑතකදී උසස්කම් ලද සිව්දෙනෙකු ජනාධිපති නීතිඥවරුන් වශයෙන් දිවුරුම් දී තිබේ.

අතිරේක සොලිසිටර් ජෙනරාල්වරුන් වන සුදර්ශන ද සිල්වා, අසාද් නවාවි, හිරන්ජන් පීරිස් හා ලක්මාලි කරුණානායක යන මහත්ම මහත්මීන් මෙසේ දිවුරුම් දී ඇත.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසෙන මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම දිවුරුම් දීම සිදුවිය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම අතිරේක සොලිසිටර් ජනරාල්වරු සිව්දෙනා ඉකුත්දා ජනාධිපති නීතීඥ ධූරයට නම් කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website