අගමැතිනිය රටේ නැති අවස්ථාවක ආණ්ඩුව කරන්න යන වැඩක් ගැන විපක්ෂ නායකට සැකලු

වත්මන් රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට විපක්ෂය කිසිදු ආකාරයකින් විරුද්ධ නොවන නමුත් මේ ප්‍රතිසංස්කරණ සිදු කරන අරමුණින් අධ්‍යාපනය අසභ්‍යකරණය කිරීම කිසිදින සිදු නොවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.  

විපක්ෂය විරුද්ධ වූයේ මේ අසභ්‍ය වෙබ් අඩවි ඇතුළත් කිරිම ඇතුළු අධ්‍යාපනය අසභ්‍යකරණයට ලක් කිරීමට බවත් අද පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක් වෙමින් විපක්ෂ නායකවරයා වැඩි දුරටත් පැවසීය.

අධ්‍යාපන අමාත්‍යවරිය රටේ නැති අවස්ථාවක විපක්ෂය විසින් ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව කඩිමුඩියේ විවාදයට ගැනීමට රජය සූදානම් වීම සම්බන්ධයෙන් සැකයක් පවතින බව කී විපක්ෂ නායකවරයා මේ විශ්වාසභංග යෝජනාව විවාදයට ගත යුත්තේ අධ්‍යාපන අමාත්‍යාවරිය පාර්ලිමේන්තු පැමිණි දිනක බව ද කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website