අඛණ්ඩ සැපයුමක් පවත්වා ගැනීමට ලාෆ්ස් ගෑස් එකඟ වෙයි

ලාෆ්ස් ගෑස් සමාගම මාසිකව ටොන් 10,000ක් මිලදී ගැනීම සඳහා Geogas Trading S.A සමඟ ගිවිසුමකට එළඹ ඇති අතර අඛණ්ඩව ගෑස් සැපයුමක් ලබා දීමට එකඟ වී ඇති බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ අනාවරණය කළේය.

අඛණ්ඩ සැපයුමක් පවත්වා ගැනීමට සමාගමට දැඩි ලෙස අවවාද කර ඇති බවත්, ඔවුන් එසේ කිරීමට එකඟ වූ බවත් අමාත්‍යවරයා පැවසීය.

ලාෆ්ස් ගෑස් සමාගම තම සැපයුම නැවත ආරම්භ කළ බවත්, පෙබරවාරි 28 වන දින ශ්‍රී ලංකාවට ටොන් 3,675ක නැව්ගත කිරීමක් පැමිණි බවත්, මාර්තු 10 සහ 20 යන දිනවල ටොන් 3,675ක නැව්ගත කිරීම් දෙකක් සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා අද (03) පාර්ලිමේන්තුවට පැවසීය.

ලාෆ්ස් ගෑස් සමාගමට සිය මාසික ඉල්ලුම සපුරාලීම සඳහා මාසිකව ටොන් 10,000ක් අවශ්‍ය බවත්, මෑත කාලීන ගෑස් හිඟය ඇති වූයේ ලාෆ්ස් ගෑස් සමාගම අවශ්‍ය තොග සැපයීමට අපොහොසත් වීම නිසා බවත් ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website