මොණරාගල ටැංවත්ත ප්‍රදේශයේ පාළු නිවසක සිටින සැක සහිත පුද්ගලයින් තිදෙනෙකු සම්බන්ධව ලද තොරතුරක් මත මොණරාගල මූලස්ථාන පොලිසියේ නිලධාරීන් ඊයේ (24) දින රාත්‍රියේ එම නිවස වටලා සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී 2026.02.13 වන දින අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු හා එම නීතිඳවරයාගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමට සම්බන්ධ දෙවන වෙඩික්කරු ඔවුන් අතර සිටින බව අනාවරණය විය.
මාධ්‍ය මගින් මහජන සහය සඳහා ප්‍රචාරය කළ වෙඩික්කරුගේ ස්වරූපය අත්අඩංගුවට ගත් සැකකරුගේ ස්වරූපයට ද යම් තරමක් සමාන බව නිරීක්ෂණය වී තිබූ අතර අපරාධය සම්බන්ධව විමර්ශන භාරවූ බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මොණරාගල පොලිස් ස්ථානයට ගොස් සැකකරුවන් තිදෙනා බාරගෙන එම කොට්ඨාසයට ගෙනවිත් මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධි විධාන පනත) යටතේ පැය 72 ක කාලයක් රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදුකරයි.
සැකකරුවන් තිදෙනාගෙන් අවුරදු 39 ක් වන දිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ලෙස හඳුනාගෙන ඇති සැකකරුගේ මුහුණ යොදා සකස්කර තිබූ ව්‍යාජ ගමන් බලපත්‍රයක් සම්බන්ධයෙන් ප්‍රශ්නකිරීමේදී 2026.02.13 වන දින අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ සැකකාර වෙඩික්කරු ලෙස හඳුනාගෙන තිබේ.මේ අනුව 2026.02.21 දින අම්බලන්ගොඩ පොලිස් වසමේ දී අත්අඩංගුවට ගත් වෙඩික්කරුත් සමඟ අපරාධය සිදුකළ සැකකාර වෙඩික්කරුවන් දෙදෙනාත් මොණරාගල නිවසේ රැදී සිටි සැකකරුවන් දෙදෙනෙකුත් සමඟ අපරාධයට ආධාර අනුබල දී අත්අඩංගුවට පත්වූ සැකකරුවන් තිදෙනෙකුත් රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදුකරයි.















